No products in the cart.
BodyCOACH is an online coaching team. We are offering online coaching programs for you to get stronger, healthy & wonderful. When it comes to our journey, we started branding our training programs few months ago. But Unexpectedly a lot of valuable persons joined us. Since our beginning, we are working to make your fitness dreams come true.
We never encourage any client to use drugs. We only do natural transformations. The reason why our clients get results quickly is using scientifically proven training methods & diet methods.
Even someone with a very busy life can join our training programs and get results. We always think about client’s convenience.
Finally, we would like to invite all beautiful boys and girls who read this section to join our family.
Definitely, Yes. We are training men women both
Yes. You can do workouts at the gym or home.
4 to 6 days as easy as you can
Yes. If you are in a fat loss situation without enough lean muscle mass, it is the best way to transform your body.
No. Supplement aren’t necessary. If you can keep meal plan progress 100%, supplements no needed.
Yes. We are offering 100% result guarantee for package one & two clients.
Yes. But we are only preparing clients for natural competitions.
Yeah! It’s 100% free
Yeah, why not. We have lot of natural foods to cover requirements.
Yes.
Yes. We are giving special attention about it
We have live forms to get your body stacks and life style data. Basically, we need some measurements of your body and few 4tos from different angles.
You will receive them within 12 hours after payment. But if you are a package one or two client, you will get mobile app access as soon as you make payments. After that, workouts will be delivered to the mobile app within 12 hours.
You can get our account details by placing whatsapp message.
Really sorry. It’s not possible. Because it is a discount you get, when you pay for three months at once.
Never. We will only publish them if you accept. Your privacy is 100% guaranteed.
ඔව්. අනිවාර්යයෙන් kitchen scale එකක් පාවිච්චි කරන්න. ඒක අමාරුනම් මේ link එකේ තියෙන spoon scale එකක් ගන්න.
Comeback program එකේ අයටයි, Preparation program එක app එකත් එක්ක අරගෙන ඉන්න අයටයි ලැබිලා තියෙන google sheet link එකේ තියෙනවා start date & end date. End date එක වෙද්දි ඊලග meal plan එක update වෙනවා.
අනිත් අයට whatsapp text message එකකින් meal plan එක එවනවා update කරන්න ඕනේ වුනාම.
Plain tea, Coffee , Green tea බොන්න පුලුවන්. Sugar දාන්නෙපා. ඒ වෙනුවට stevia වගේ calorie free sweetener එකක් පාවිච්චි කරන්න. කිරි දානවානම් meal plan එකේ oats වගේ දේකට තියෙන කිරි වලින් ටිකක් දාගන්න.
එහෙම වෙලාවක් නෑ. දවස ඇතුලත තියෙන ඔක්කොම කෑම cover වුනාම ඇති. මොකක් හරි කෑම වේලක් ගන්න වෙලාවක් නැත්නම් ඒ meal එක skip කරන්න එපා. ඒක වෙන free වෙලාවක කන්න.
කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට ඕනෙනම් Breakfast එක lunch එකට. lunch එක breakfast එකට වගේ මාරු කරලා කන්න පුලුවන්.
Diet කරනවා කියන්නේ healthy දේවල් විතරක් කනවා කියන එක නෙවෙයි. Healthy දේවල් වල උනත් calories තියෙනවා. ඒ නිසා හැම දෙයකටම සීමාවක් තියාගන්න අත්‍යවශ්‍යයි. මොනවහරි ආස දෙයක් තියෙනවනම් ඒක coach ට කියලා මාරු කරගන්න.
ගොඩක් අය fast results ගන්න diet එකේ දීලා තියෙන ප්‍රමාණයට වඩා බත් අඩුවෙන් කනවා. Carbs cut කරන්න හදනවා. ඒකෙන් සතියක දෙකක results වැඩි වුනත් එතනින් එහාට results නැතිවෙන්න පුලුවන්. මොකද අපි ගොඩක් hard diet එකක් කලොත් ඇග උත්සහ කරන්නේ fat loss කරන එක නවත්තලා fat ඉතුරු කරගන්න. ඒ වෙනුවට muscles burn කරන්න. Fat loss කරන්න ඕනේ ඇගට නොදැනෙන්න. අවුරුදු ගානක fat එක මාසෙන් දෙකෙන් අඩු කරන්න හදන්නෙපා. අඩුම මාස 4-6ක් ගමු.
හැමෝම bee honey හොදයි කියලා හිතුවට් ඒකෙත් සීනි ගොඩක් තියෙනවා, calories ගොඩක් තියෙනවා, bacterial properties තියෙනවා. දිනපතා ගන්න සුදුසු නෑ. ඒ වෙනුවට sugar free maple syrup, stevia syrup වගේ use කරන්න පුලුවන්.
Oil 1table spoon=14g (98calories )
ඒ නිසා ඔයාට oil ඕනෙනම් coach ට කියලා diet එකට add කරගන්න. Oil use කරද්දි virgin coconut oil / virgin olive oil හැර වෙන මොනවත් use කරන්න එපා. Coconut milk ත් උයද්දි coconut oil වලට convert වෙනවා.
එලවලු intake එක හරියට ගන්න. අලවර්ග නැතුව දාල හදපු vegetable soup එකක් වගේ extra ගන්න පුලුවන්.
අඹ, අන්නාසි, කෙසෙල්, අලිගැටපේර (diet එකේ තියෙනවට අමතරව) ගන්නැතුව අනිත් පලතුරු ප්‍රශ්නයක් නෑ.
තව green tea බොන්න, chia seeds table spoon එකක් වතුරේ දාල තියලා උදේට හවසට බොන්න. ඒක digestive problems වලටත් හොදයි.
Appetite අඩු වෙන්න ප්‍රදාන හේතුව තමයි වෙලාවට පණු බෙහෙත් බොන්නැති එක. මාස 3-4 කට සැරයක් පණු බෙහෙත් බොන්න. රට ඉන්න අය vermox 500mg කියලා ඉල්ලන්න. බොන විදිහ coach ගෙන් අහන්න.
Appetite වැඩි කරගන්න කෑම කද්දි වතුර වැඩියෙන් බොන්න. Tea, coffee ටික දවසකට නවත්තන්න.
එහෙම කන එක හොදයි. ඒත් අනිවාර්ය නෑ. අඩු තරමේ workout කරන්න ලං වෙලා හරි, workout ඉවර කරපු ගමන් හරි එක කෑම වේලක් ගත්තම ඇති. Diet එකේ තියෙන ඕනෙම කෑම වේලක්.
සමහර අයට supplements recommend කරනවා එයාලගේ condition එක අනුව. ඒවා ඔක්කොම natural supplements. ඇගට හානිදායක නෑ. ඒව ගන්න එක හොදයි. ඒත් අනිවාර්ය නෑ. ඒ Supplements ගන්න එක ඔයාගෙ budget එකට ලොකුවට දැනෙනවානම් ගන්න එපා. අවශ්‍යම දේ කෑම, weight training විතරයි.
එහෙම විශේෂත්වයක් නෑ. රස අනුව තමයි ගොඩක් ඒවාගෙ මිල වෙනස් වෙන්නෙ. සාමාන්‍යයෙන් scoop එක්කට protein 25-30g තියෙන product එකක් ගන්න. එක එක නම් වලින් තිබ්බට ඔක්කොම එක වගේ.
My personal choices –
අලුතෙන් pre workout පාවිච්චි කරන අය scoop එකකට caffeine 200mg ට අඩු එකක් ගන්න. ඊට වඩා ඕනේ කියලා තේරෙනවා නම් 400-600mg අතර ඒවට ගියාට කමක් නෑ. Pre workout බොනකොට workout එකට විනාඩි 30-45 ක් කලින් ගන්න. පුලුවන් තරම් අඩු caffeine ගානකින් survive වෙන්න බලන්න.
My personal choices –
ඔක්කොම එක වගේ. ඕනෙම brand එකක creatine monohydrate එකක් ගන්න
My personal choices –
Now
Applied nutrition
Optimum nutrition
Kirkland
Sunshine nutrition
Solgap
Nuture’s way
Ashwagandha – ancient nutra ( our discount code – BODYCOACH )
Message කරලා කියන්න. Call එකකින් explain කරන්නම්.
ගොඩක් common question එකක්. Scientific research වලින් muscle build කරන්න මෙච්චර වෙලාවක් train කරන්න ඕනේ. Fat loss කරන්න මෙච්චර වෙලාවක් train කරන්න ඕනේ කියලා කොහේවත් prove කරලා නෑ. ඒ නිසා මට ඔයාට අනවශ්‍ය stress එකක් දෙන්න අවශ්‍ය නෑ වෙලාවක් mention කරලා. Set එකෙන් set එකට දීලා තියෙන rest එක ගන්න. එච්චරයි.
කිසි ප්‍රශ්නයක් නෑ. වැඩිපුර 30sec – 60sec Rest කලාට
Workout plan එකේ exercise order එක හදන්නේ අරමුණක් ඇතුව තමයි. ඒත් ඔයාට විනාඩි 5ක් විතර machine එකක් ඉවර වෙනකන් බලන් ඉන්න වෙනවානම්, ඊට යට තියෙන වෙන exercise එකක් කරලා ඒකට ආවට ප්‍රශ්නයක් නෑ. පුලුවන් හැම වෙලාවෙම දීල තියෙන order එකට යන්න.
කෙනාගෙන් කෙනාට තියෙන strength levels, endurance levels වෙනස්. තනිකරම ඔයා දාන්න ඕනේ බර තීරණය කරන්න ඕනේ ඔයා. මේ simple idea එක ඔලුවට ගන්න. ඔයාට එක set එකක තියෙන reps ගාන කරලා ඉවර වෙද්දි ඒ weight එකෙන් තව reps කරන්න පුලුවන් කියලා තේරුණොත් බර වැඩි කරන්න ඊලග set එකේ. අමාරුවෙන් තියෙන reps ගාන හරි ඊට 1-2ක් අඩුවෙන් කලොත් ඒ weight එකෙන්ම ඉතුරු reps ගාන කරන්න. Reps 3-4 ක් අඩුවෙන් කලොත් weight එක එක unit එකකින් අඩු කරන්න.
Ex 1 :- Bench press 2 sets – 6reps
1st set – 60kg ( ඔයාට දැනෙනවා මෙ weight එක easy කියලා )
2nd set – 65kg ( කලින් set එක ලේසි නිසා දෙවනි set එකට weight එක වැඩි කලා )
Ex 2 :- Bench press – 2sets – 6reps
1st set – 65kg ( ඔයාට දැනෙනවා reps 6 අමාරුවෙන් කලේ කියලා )
2nd set – 65kg ( කලින් set එක අමාරුවෙන් කරපු නිසා දෙවනි set එකට weight එක වැඩි කලේ නෑ)
Ex 3 :- Bench press – 2sets – 6reps
1st set – 70kg ( ඔයාට දැනෙනවා මෙ weight එකෙන් 6ක් කරගන්න බෑ කියලා. Reps 2යි කරන්න වෙන්නෙ)
2nd set – 65kg ( කලින් set එක ගොඩක් අමාරු නිසා දෙවනි set එකට weight එක අඩු කලා )
හැම exercise එකටම නෙවෙයි. Reps 3-12ත් අතර තියෙන exercise වලට වැඩි කරන්න බලන්න. අනිත් ඒවා පුලුවන්නම් වැඩි කරන්න. Specially ඕනෙම press exercise, row exercise, Deadlift exercise, Squat exercise වල result එක ලැබෙන්නෙ කාලයත් එක්ක බර වැඩි කරනකොට. හැබැයි ඒවා කරන්න ඕනේ අනතුරුදායක නැත්නම් විතරයි. අනවශ්‍ය පීඩනයක් දෙන්න අවශ්‍ය නෑ.
Coach ට message කරලා අහන්න. හදිස්සිනම් call එකක් දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ.
පුලුවන් තරම් සීතල වතුරෙන් නාන්න. හරියටම diet එකේ ඉන්න. එහෙම දවස් වලට cheat days ගන්න එපා. වැඩිපුර නිදාගන්න.
Workout කරපු ගමන් නෑවත් ප්‍රශ්නයක් නෑ. කිසිම වෙලාවක මුලින් ඔලුව අල්ලන්න එපා. විනාඩි දෙක තුනක් ඇග තෙමුවට පස්සේ අල්ලන්න.
20-30sec වගේ video clips ටිකක් අරගෙන එවන්න. පුලුවන් තරම් පොඩි clips එවන්න. ඒක මගෙ වෙලාව ඉතුරු කරනවා. Video එකේ title එකට exercise එකේ නම, කරන tempo එක දාන්න. මේක මම ගොඩක් ආසාවෙන් කරන්නේ. Please එවන්න කිසි ප්‍රශ්නයක් නෑ.
එක එක company වලින් හදන machines වෙනස්. ඒ නිසා හැම machine එකක්ම සමාන නෑ. හැබැයි ඔක්කොගෙම mechanism එක එකයි. Example එකක් විදිහට ගතතොත් 30′ incline machine press එකයි, seated incline machine press එකයි සමානයි. Angled leg press එකයි, seated leg press එකයි සමානයි. සමහර වෙලාවට ටිකක් smart වෙලා equipment manage කරගන්න වෙනවා. ඒ ගැනත් අනවශ්‍ය stress එකක් ගන්න එපා. Coach ට message කරල අහන්න sure නැත්නම්.
Hey champ! Happy to work with you. මේ Faq එකේ අරමුණ ඔයාව guide කරන responsibility එකෙන් අයින් වෙන එක නෙවෙයි. මට ඕනේ කෙනෙක්ගේ නම කිව්වම ඔයාගෙ history එක , අපේ plans ඔක්කොම මතකයි. Faq ටික දෙන්නේ ඕනෙම අවස්ථාවක කරන්න ඕනේ දේ මෙතනින් බලලා decide කරගන්න, මගේ reply එක පරක්කු නම්. මොකද කාගේ හරි program එකක් හදන වෙලාවට තව වැඩක් කරන්න අමාරුයි අපිට. Messages බලන එක පවා.
ඔයා මට message කරලා හෝ call කරලා මොනවහරි අහන එකට මම හදවතින්ම කැමතී. මාසෙකට පාරක් මට message එකක් දාන්න එපා. හරියට කලානම් කලා කියලා, කරන්න බැරි වුනානම් ඒ reason එක , අසනීප වුනානම් ඒවා, stress නම් ඒ දේවල් ඔක්කොම කියන්න සතියට සැරයක් හරි. මට ඒ messages ගොඩක් important. Messages වැඩි වුනාම reply එන්න ටිකක් පරක්කු වුනොත් සමාවෙන්න. ඒත් දිගටම මාව update කරන්න.
අනිත් දේ තමයි අපි track එකෙන් පිට පනින හැම දවසකම අපේ result එක පොඩ්ඩක් පස්සට යනවා. ඒ වගේම හරියට කරන හැම දවසකම ඔයා දශමයක් හරි ඉස්සරහට යනවා. පස්සට යන දවස් තියෙනවා හැමොටම, ඒත් ඉස්සරහට යන දවස් ගාන වැඩි කරගන්න. එතකොට ඔයා goal එකට එනවා කොහොමහරි.
තව special දෙයක්. අවුරුදු ගාණක fat මාසෙන් දෙකෙන් අඩු කරන්න හිතන්නෙපා. එහෙම කරන එක healthy නෑ. අපි නිතරම try කරන්නේ bodyweight එකෙන් 0.75-1% ක් සතියට burn කරන්න. ඒ rate එකෙන් යමු කොහෙන්වත් skin එක එල්ලෙනනැති healthy body එකක් ගන්න නම්. මේක හරියන්නෑ කියලා මාසෙන් දෙකෙන් give up කරන්නෙපා. මේ ආසියාවේ මුලින්ම බඩෙන් fat අඩු කරපු අය හරිම සීමිතයි. ඒ අපේ ජාන. ඉවසන්න. දිගටම කරන්න.
Keep going all! Stay healthy – Mind set is everything!!
Copyright ©️ All data included in this faq are unique answers made by Danushka @ bodycoach pvt(ltd) with his experience with 300+ clients. Don’t share with others. For the reason that is people out of our circle can use this for online coaching scams. All rights reserved.
No products in the cart.